News Line| Off Air
Generic placeholder image

Aug
16

මධ්‍යම කඳුකරයේ කාළගුණය තවදුරටත් අයහපත්.

517 Views


මධ්‍යම කඳුකරයේ කාළගුණය තවදුරටත් අයහපත්.

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප‍්‍රදේශයේ මාර්ගය ගිලා බැසිමකට ලක්ව තිබෙනවා. ඒ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්.

මිට වසරකට පෙර ද එම ස්ථානය ගිලා බැසීමට ලක් වුණා. පස් කන්දක් කඩා වැටිමෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ඊයේ රාත‍්‍රියේ සිට එම මාර්ගයේ වාහන ධාවනය එක් මං තිරුවකට සීමා කර තිබෙනවා.

තද සුලං හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේත්, හැටන් නුවරඑලිය ප‍්‍රධාන මාර්ගයේත් සැලකිලිමත්ව රිය ධාවනය කර ලෙස රියදුරන්ට දැනුම් දෙන බවයි පොලීසිය සදහන් කලේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වි තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තව දුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයට ජලය ඝන මිටර් 13.56 ක් නිකුත් වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලේ.

මාඋස්සාකැලේ ජලාශයේ වාන් දොරටුවක්ද විවෘතව පවතිනවා. විමලසුරෙන්ද්‍ර ජලාශය ද පිටාර ගලමින් පවතින අතර ලක්ෂපාන හා කැණියෝන් ජලාශවල වාන් දොරටුද තව දුරටත් විවෘතයි.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර සහ ගාල්ල දිස්ත‍්‍රික්ක වලටත් එලෙස තද වැසි ඇති විය හැකි බවයි.

කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකි වනවා. දිවයින වටා මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ද පැයට කිලෝ මීටර 70 ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post