News Line| Off Air
Generic placeholder image

Aug
21

සුපිරි කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලියේ කාලසටහන මෙන්න.

1846 Views


සුපිරි කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලියේ කාලසටහන මෙන්න.

එක කුසලානයක් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පිටියේදී පැවැත්වෙනවා.

කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල්, ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල්, දඹුල්ල කණ්ඩායම තිසර පෙරේරා සහ නුවර කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවනවා. තරඟාවලියේ පළවෙනි තරඟ 4 අද සහ හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

25 සහ 26 තවත් තරඟ 4 ක් දඹුල්ලේදී පැවැත්වෙනවා. අවසන් තරඟ 4 පැවැත්වෙන්නේ 29 සහ 30 දෙදින නුවරදී. අවසන් මහා තරඟය සැප්තැම්බර් 2 වෙනිදා කොළඹ ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post