News Line| Off Air
Generic placeholder image

Aug
22

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට.

389 Views


ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට.

මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ කල්පිටිය කදිරමලේ මුහුදු ප‍්‍රදේශයේදීයි.

ඔවුන් සමග බහුදින ධීවර යාත‍්‍රාවක් සහ දැල් ආම්පන්න ද භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අවුරුදු 18 ත් 55 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

එම ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් කල්පිටිය පොලිිසියට භාර දී තිබෙනවා. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වැඩිදුර විමර්ශන සදහා අද පුත්තලම ධීවර කාර්යයාලයට භාර දීමට නියමිතයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post