News Line| Off Air
Generic placeholder image

Aug
23

මුහුණට, මුහුණ ගැටුණු දුම්රිය අනතුර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්.

439 Views


මුහුණට, මුහුණ ගැටුණු දුම්රිය අනතුර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්.

අනුරාධපුර ශ‍්‍රාවස්තිපුරදී දුම්රිය දෙකක් එකම පීල්ලක මුහුනට මුහුණ ධාවනය වීමේ සිද්ධිය පිළිබදව ප‍්‍රවාහන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණය සිදු වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂනික නිළධාරීන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන්.

මැදවච්චියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය දුම්රිය ඊයේ පස්වරුවේ එකම පීල්ලක මුහුණට මුහුණ ගමන් කර තිබුණා.

සිදුවීමට ගිය දරුණු අනතුරක් එහි රියදුරන් විසින් වළක්වා තිබුනේ දුම්රියේ හදිසි තිරිංග ක‍්‍රියාත්මක කරවීමෙන්.

චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි කට්ටල දෙකක් සහිත දුම්රිය දෙකක් මෙලෙස ධාවනය වී තිබුණා.

මෙහි පවතින තිරිංග දෝශ මත දුම්රිය සංඥා වලට අනුව ක‍්‍රියාත්මක වීමේ දුර්වලතාවක් පවතින බවයි දුම්රිය තාක්ෂණ නිළධාරීන් සදහන් කලේ.

හදිසි තිරිංග ක‍්‍රියාත්මක කිරීමකදී දුම්රියක් මීටර 700 ක් වැනි දුර සීමාවක් ඇතුළත නවත්වාගත හැකියි.

නමුත් චීන මැදිරි කට්ටල සහිත දුම්රියක හදිසි තිරිංග ක‍්‍රියාත්මක කළ පසු එය කිලෝ මීටර 02 කට වැඩි දුරක් නොනවත්වා ධාවනය වන බවයි තාක්ෂණ නිළධාරීන් පෙන්වා දෙන්නේ.

Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post