අද ගොඩක් කොල්ලන්ගේ ලොකුම හතුරා තමයි පොලිස් නිලධාරීන්. මොකද ගොඩක් වෙලාවට පොලිස් නිලධාරීන් රියදුරන්ට බොරු වැරදි පෙන්වා අපහසුතාවට පත් කරන අවස්ථා එමටයි. පොලිසිය නිසා පාරේ යනකොට සිදුවන එවැනි අසාධාරණකම් සමාජ ජාල වල හුවමරු වෙන්නත් වැඩි වෙලාවක් නම් ගත වෙන්නේ නැහැ.
හැබැයි සමහර වෙලාවට ඇතැම් පුද්ගලයන් මෙවැනි සිදුවීම් වීඩියෝ කරන්න බය වෙනවා. ඒ පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට කිසියම් අගතියක් සිදුවෙයි කියලා. කොහොම වුණත් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියන්නේ බය නැතුව ඕනෑම පුද්ගලයෙක්ට පොලිස් නිලධාරීන්ගේ සිදුවන අකටයුතුකම් වීඩියෝ කරන්න කියලයි. ඒ වගේම එම වීඩියෝ පට dig.traffic@police.lk වෙබ් අඩවිය වෙත ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කරනවා.