ආයෙත් වතාවක් ඔන්න ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. මේ ආරංචිය නම් ගොඩක් දෙනෙක්ට ඒ තරම් හොඳ එකක් වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ නිසා වාහනයක් තියෙන කෙනාගෙ ඉදන් බස් එකේ යන කෙනාට වෙනකන් මේක බලපාන නිසයි.
ඊයේ රෑ ඉදලා ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කරලා තියෙනවා. ඒ අනුව අලුත්ම මිල ගණන් මෙහෙමයි. රුපියල් 149 කට තිබුණ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩි වෙලා තියෙනවා. නව මිල වෙන්නෙ රුපියල් 155.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161 ඉදලා රුපියල් 169 වෙනකන් රුපියල් 8 කින් ඉහල දමලා තියෙනවා. රුපියල් 133 ට තිබුණ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළට දමලා තියෙනවා. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක අලුත්ම මිල රුපියල් 141 ක් වෙනවා.
මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරලා තියෙනවා මේ පාර ඩීසල් මිල වැඩි කරන්නෙ නැහැ කියලා.
මිල සූත්‍රයට අනුව ඩීසල් මිල රුපියල් 11 කින් වැඩි කරන්න තිබුණත් ප්‍රවාහන , ධීවර ඇතුලු මහජනතාවට වෙන බලපෑම සැලකිල්ලට අරගෙන ඒ වැඩිකිරීම අත්හිට වූවා කියලා අමාත්‍යංශය නිවේදනය කරලා තියෙනවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 ක් විදිහටම තියෙනවා.
ලෝක වෙලදපොලේ ඉන්ධන මිල සැලකිල්ලට ගෙන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කරන්න කමිටුව රැස්වුනේ ඊයෙ පස්වරුවෙයි. පසුගිය මාසෙ10 වෙනිදා තමයි ඉන්ධන මිල අවසාන වතාවට ඉහල දැමුවෙ.