News Line| Off Air
Generic placeholder image

Oct
11

නඩුවට කලින් ක්‍රිකට් ලොක්කෝ ලෙඩ වෙයි.

641 Views


නඩුවට කලින් ක්‍රිකට් ලොක්කෝ ලෙඩ වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන්ට මේ ගෙවෙන්නේ හොඳ කාලයක් නෙවෙයි. එක පැත්තකින් ICC ය ක්‍රිකට් ලොක්කන්ගේ වංචා දූෂණ හොයනවා. අනිත් පැත්තෙන් ලංකාවෙනුත් නඩු කිහිපයක්ම File කරලා තියෙනවා.

මේ අතර ඊයේ ගාල්ලේ තිබ්බ නඩුවක් ක්‍රිකට් ලොක්කන් මඟ හැරලා තියෙනවා. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක, පරිගණක ක්‍රියාකාරිනිය සහ ගිණුම්කරණ ලිපිකාරිනිය අසාධාරන ලෙස ඉවත් කිරීම ගැන ගාල්ල කම්කරු උසාවියේ ගොණුකර තිබූ නඩුව ඊයේ විභාගයට ගත්තා.

මේ නඩුවට කැඳවලා තිබුන ක්‍රිකට් ඉහළ නිලධාරීන් 5 දෙනෙක් ඊයේ අසනීප නඩුව මඟ හැරලා තියෙනවා. මේ නිලධාරීන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ගොඩ්ෆ්රි දාබරේරා, පරිපාලන කළමනාකරු අසන්ත දසනායක යන නිලධාරීන් සිටිනවා.

ඒ වගේම ටපු මානව සම්පත් කළමනාකරු ලසිත මෙන්ඩිස් සහ ප්‍රසන්න ජිනරතන යන අය දැනට ක්‍රිකට් ආයතනයේ සේවය නොකරන බව පවසමින් සිතාසි භාරගෙන නෑ. අසනීප වූ ක්‍රිකට් නිළධාරීන් සියළු දෙනාට දෙසැම්බර් මස 07 වැනිදා පැවැත්වෙන ඊළඟ නඩුවාරය සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post