News Line| Off Air| Games
Generic placeholder image

Nov
7

අද දවස ඔබට කොහොමද…? සම්පූර්ණ විස්තරය මෙන්න

502 Views


අද දවස ඔබට කොහොමද…? සම්පූර්ණ විස්තරය මෙන්න

අද 2018 ,නොවැම්බර් මස 07 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 11.54 සිට දහවල් 01.23   දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 11.54 සිටඅලුයම 01.26 දක්වා
සුභ දිශාව උතුර
මරු සිටින දිශාව නිරිත
මේෂ ලග්නය
රැකිරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙන් දිනයක්. තාක්ෂණික මෙවලම් හා වාහන විකිණීමේ කටයුතු වලට ඉතා සුබයි. අලුත් ආකාරයක අදායම් මාර්ග විවර වේ. ව්‍යාපාර කටයුතු වලට වැඩි අවධානයක් යොමු වෙන දිනයක්. හෘද රෝගාබාධ ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. හවුල් ව්‍යාපාර කටයුතු, පොදු කටයුතු, විවාහ සම්බන්ධ කටයුතු ඉතාම යහපත් ආකාරයෙන් විසඳාගත හැකිය. දුර බැහැර ගමන් සඳහා ආරාධනා ලැබෙන දිනයක්.
ජය වර්ණය රන්වන්  පැහැය                                                    ජය අංකය 03
වෘෂභ ලග්නය
ශරීර ශක්තිය යොදාගෙන කරන කටයුතු, ජවසම්පන්න කටයුතු වලට ඉතාම යෝග්‍ය දවසක්. ඔබේ වෘත්තිමය කටයුතු වලින් දීප්තිමත් භාවය උරුම කරගැනීමේ වාසනා ගුණය පවතිනවා. සියුම් සතුරු කරදර බාධක තිබුණානම් ඒවා දුරු කරගන්න අද දවසේදී අවස්ථා කිහිපයක්ම ඔබට උදා වෙනවා. නිසි වෙලාවට ආහාර ගන්නනම් පුංචි පුංචි බාධාකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. පුණ්‍යවන්ත සිතුවිලි පහල වෙනවා.
ජය වර්ණය ලා කහ පැහැය                                                ජය අංකය 04
මිථුන ලග්නය
ඥාතීන් සමඟ ගනුදෙනු කිරීම් වලදී යම් දියුණුවක් තිබෙනවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  වලට මහන්සි  වීමට සිදු වෙන දිනයක්. අලුත් දේවල් මිලදී ගැනීමට ඔබට යම් මුදලක් වැය කිරීමට ඔබට සිදු වෙනවා. හිතේ නොසන්සුන් භාවයක් ඇතිවීමේ ඉඩකඩක් තිබෙන දිනයක්. අධ්‍යාපනික කටයුතු වල යෙදෙන අයට සුබයි. අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. ඒවා ඉෂ්ට කරගැනීමේ වාසනාව ඔබට අද දිනයේදී හිමි වෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය ලා දම් පැහැය                                                    ජය අංකය 05
කටක ලග්නය
රැකිරක්ෂා කටයුතු දියුණු කරගැනීමට ඉතා සුබයි. අලුත් ඉදිකිරීම් සිදු කරනවානම් අද දිනය ඉතා සුබයි. අවට පරිසරය අලංකාර කරගැනීමට අද දිනය සුබයි. ඒ වගේම අලුත් දේවල් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට සුබයි. තර්ක කිරීමේ හැකියාව , අලුතෙන් සිතීමේ හැකියාව දියුණු වෙනවා. ප්‍රේම සම්බන්දත වලට, හවුල් ව්‍යාපාර කටයුතු වලට යෝග්‍ය දිනයක්. නමුත් විවාහ ජීවිතෙනම යම් කලකිරීම් ඇති වෙන දිනයක්.  සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වන්න.
ජය වර්ණය රන්වන් පැහැය                                                           ජය අංකය 01
සිංහ ලග්නය
ගෙවල් දොරවල් ඉදිකිරීම් කටයුතු වලට ඉතා යෝග්‍ය දිනයක්. වෙනස් ආකාරයෙන් ලෝකය දෙස බලන දිනයක් බවට අද දිනය පත් වෙනවා. පෞර්ෂය ඉතාම උසස් මට්ටමක පවතිනවා. ඥාතීන්ගේ කටයුතු වලට කාලය මිඩංගු කරන්න වෙන දිනයක්. පාදශ්‍රිත රෝග ඇති විය හැකි දිනයක්, අමාෂගත රෝග, ආහාර විසවීම් ඇතිවිය හැක. එම නිසා ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න. ආගමනුකුල කටයුතු වල දීල දවස ආරම්භ කරන්න
ජය වර්ණය රන්වන් පැහැය                                         ජය අංකය 05
කන්‍යා ලග්නය
තමන්ට අවශ්‍ය දේවල් සකස් කරගන්න පරිසරය සකස් වෙනවා. සංචාරක වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා.  තමන් ඉහලට යාමට කරන කටයුතු වලට අන් අයගෙන් උදව්  උපකාර ලැබෙන දිනයක්. සමහර අවස්ථා වලදී තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීමට යම් වියදමක් කිරීමට සිදුවෙනවා. අධ්‍යාපනික කටයුතු වලට ඉතාම යෝග්‍ය දවසක්.  සතුරු බලවේග යටපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ගනුදෙනු කිරීමේදී යම් තාක් කල්පනාකාරී වන්න.
ජය වර්ණය විසිතුරු පැහැය                                       ජය අංකය 05
තුලා ලග්නය
කලාවට ඉතාම යහපත් දිනයක්. ස්වභාවධර්මය පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කරනවා. අලුත් විදියකට ලෝකේ දෙස බලන දිනයක්. අලුත් අලුත් අදහස් හිතට එන දිනයක්.  කොන්ද ආශ්‍රිත, මුත්‍රාශ්‍රිත ආදී රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් තත්වයක් පෙන්නුම් කරනවා. සියුම් සතුරු කරදර බාධා තිබුනානම් ඒවා යටපත් වන දිනයක්. ඕනෑම තත්වයකදී හිනා වෙලා කටයුතු කරන දිනයක්. ඕනෑම තලයක කෙනෙක් සමඟ සෞම්‍යව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. වෘත්තිමය කටයුතු සඳහා ඓදිමිට සිදු වෙනවා. මේ නිසා පාදශ්‍රිත දණහිස් ආශ්‍රිත රෝග ඇති වෙනවා. ආර්ථික වශයෙන්ද ඉතාම යහපත්.
ජය වර්ණය ලා කහ  පැහැය                                      ජය අංකය 03
වෘශ්චික ලග්නය
තමන්ගේ හිතවත් ඥාතීන්ට අසනීප තත්ත්ව පෙන්නුම් කරනවා. එය ඔබට පීඩාකාරී තත්වයක් ගෙන දෙනවා. අද දිනයේ ඔබ කරන කියන කටයුතු වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම ගෞරවය පිළිබඳවද සැලකිලිමත් වන්න. වියදම ඉහල යන්න පුළුවන්කමක් පවතිනවා. ඖශධ පානය කරන කෙනෙක්නම් නියමිත මාත්‍රාවට අනුව ඒවා පාවිච්චි කරන්න.
ජය වර්ණය ලා දම් පැහැය                                             ජය අංකය 03
ධනු ලග්නය
අද දිනයේ ඔබ කරන කියන කටයුතු වලදී ඉවසීම ප්‍රගුණ කරන්න. මානව සම්පත් කළමනකරණය පිලිබඳ කටයුතු වලට ඉතාම යහපත් දිනයක්. රැකි රක්ෂා කටයුතු දියුණුවට පත් වෙනවා, නමුත් කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව පෙන්නුම්  කරනවා. දුර බැහැර ගමන් කටයුතු නිසා රැකි රක්ෂා කටයුතු වලදී වෙහෙසකර ගතියක්  දැනෙනවා. වචන භාවිතයෙන් කරන කටයුතු වලට යහපත්. තමන්ගේ පෞර්ෂය දියුණුවට  පවතිනවා. නමුත් අතගහන සමහර කටයුතු වලට යම් බාධාකාරි තත්වයක් පෙන්නුම් කරනවා. අනවශ්‍ය වියදම් පාලනය කරගැනීමට හිතට ගන්න. ආහාර ගැනීමේ රටාව පිළිබඳවද සැලකිල්මත් වන්න.  අධ්‍යාපන කටයුතු කරන අයට සුබයි.
ජය වර්ණය තැඹිලි පැහැය                                                  ජය අංකය 05
මකර ලග්නය
අද දිනය ඔබට ඉතා සුබයි. රැකි රක්ෂා කටයුතු වල දියුණුවක් යම් වෙනසක් පෙනුම් කරන අතර වෘත්තිමය කටයුතු වල උසස්වීම් ලැබෙනවා. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වනවා. බොහෝ පිරිස් ඔබට උදව් කිරීමට පෙළඹෙනවා. ඕනෑම කෙනෙක් සමඟ උරෙන් උර ගැටිලා කටයුතු කිරීමේ ශක්තිය ඔබට ලැබෙනවා. පාදශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ස්නායු රෝගයකින් පිඩා විඳින කෙනෙක්නම් ඔබ ඔබේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න.
ජය වර්ණය විසිතුරු පැහැය                                 ජය අංකය 09
කුම්භ ලග්නය
දැනුම වර්ධනය වනවා. බුද්ධිමත්භාවය වර්ධනය වනවා. ගොඩක් කාලයක් අපහසුවෙන් හොයාගත්ත ඒවා ඔබට පහසුවෙන් ලැබෙන දිනයක් බවට පත් වෙනවා. වෘත්තිමය වශයෙන් උසස්වීම් ලැබෙනවා. ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු වලට යෝග්‍ය දිනයක්. දැනුම් සම්භාරයක් ඔබේ ජීවිතේට එකතු කරගන්න  ලැබෙනවා. ආගමානුකුල කටයුතු වලට වැඩි වැඩියෙන් සම්බන්ධ වනවා.සමාජ සේවා පොදු කටයුතු වලට යෝග්‍ය දිනයක්.
ජය වර්ණය දීප්තිමත් රතු  පැහැය                                           ජය අංකය  06
මීන ලග්නය
තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහනය ලැබෙන දිනයක්. ඔබේ බලාපොරොත්තු සිහින ඉෂ්ට කරගත හැකි දිනයක්. රැකියා කටයුතු වල දියුණුවක් පෙන්නුම් කරනවා. තමන් සතු යන්ත්‍ර සුත්‍ර තාක්ෂණික මෙවලම් අද දිනයේදී ඔබ ප්‍රවේසම් කරගත යුතුයි. ආමාශගත රෝගී තත්ත්ව තිබෙනවනම ආහාර පිලිබඳ ඉතාම සැලකිලිමත් වන්න. ඔබේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි අද දිනයේදී ඔබ කටයුතු කරන්න.
ජය වර්ණය ලා කහ පැහැය                                                ජය අංකය 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන         0766765353


News Articles
Latest Videos
Most Popular Post