News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

2019 නව අයවැය යෝජනා

1513 Views


2019 නව අයවැය යෝජනා

නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යය මංගල සමරවිර ඇමතිතුමන් විසිනුයි.මේ වන විට ලැබී තිබෙන නව අයවැය යෝජනා කිහිපයක් වේ,

ගම්පෙරළිය ශක්තිමත් කිරීමට පියවර

නව ව්‍යවසායකයින් අධෛර්‍ය කරන බැංකු නිලධාරීන් ගැන දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්

කුඩා ට්‍රක් රථ නිෂ්පාදන බදු පහළට.

රබර් අලුතෙන් වගාවට රුපියල් මිලියන 800 ක්.

තේ කම්කරුවන්ට වැටුප් ගැටළුවට කඩිනම් විසඳුම්.

දැදුරු ඔය ඇතුළු ව්‍යාපෘති 10 ක් සංවර්ධනයට මිලියන 2410 ක්.

පේදුරු තුඩුවේ සහ පේසාලේ නව ධීවර වරායන් ඉදි කිරීමට රුපියල් මිලියන 1300 ක්.

ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක්.

රටේ සනීපාරක්ෂක පහසුකම් නොමැති ස්ථානවල ඒවා ඉදිකිරීමට බිලියන 4ක් වෙන් කෙරේ. (වැසිකිලි පහසුකම්)
ලක්ෂ 10 කට සාමාන්‍යය වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. හම්බන්තොට ලක්ෂයකටත් , මොණරාගල විසිපන්දාහකටත් වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී වැඩි දුරටත් අදහස් පල වූ අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
විශේෂ අවශ්‍යතා ඇති අයගේ දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා වැඩි කෙරේ.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිර දඬුවම් විදින අය පුනුරුත්ථාපනය කිරීමට නියමු ව්‍යාපෘතියක්.
අලුත බැඳපු තරුණ ජෝඩු වෙනුවෙන් 6% ක නිවාස ණය යෝජනා කෙරේ.

”සිහින මාලිගා” රජයේ නව යෝජනා ක්‍රමය – මෙහිදී විදෙස්ගත වී සිටින ගෘහසේවිකාවන් සඳහා නිවාස ඉදි කිරීමට ණය ලබාදීමට යෝජනා කෙරුණු අතර විදෙස් ගත වන බොහෝමයක් ගෘහසේවිකාවන්ගේ සිහිනය වන නිවාස සිහිනයට උපකාරයක් ලෙස මෙය සිදු කරන බව මංගල සමරවීර මහතා සඳහන් කළා.

මෙවර උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිපල ලබාගන්නා සිසුන්ගෙන් 14 දෙනෙකු මෙම වසරේදී ලොව තිබෙන විශිෂ්ඨතම විශ්ව විද්‍යාල තුළට ඇතුළත් කිරීමට අරමුදලක් පිහිටුවා තිබෙනවා. මෙය අධ්‍යාපන විශිෂ්ඨතා අරමුදල ලෙස හඳුන්වනවා.

එසේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 14 දෙනාව ලොව තිබෙන හොඳම විශ්ව විද්‍යාල ලෙස හඳුන්වන හාවර්ඩ් , ඔක්ස්වර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල වෙත යොමු කෙරෙනවා. මීළඟ වසරේදී ඊට යොමු කිරීමට බලාපොරොත්තු වෙන සිසුන් ගණන 28 ක්.

රුහුණු විශ්වවිද්‍යාලයට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්.

පෞද්ගලික ආයතන වල හෙද පුහුණුව ලබන අය වෙනුවෙන් ආණ්ඩුවෙන් රුපියල් 1000 ක දීමනාවක්.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය අලුත්වැඩියා කිරීමට පියවර.

ජාතික ඔලිම්පික් අරමුදල තර කිරීමට පියවර.

බේරේ වැව 2019 දී යළි යතා තත්ත්වයට.

යාපනයේ පැරණි මහ නගර සභාව සංවර්ධනය කිරීමට මිලියන 700 ක්

උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල වරම් නොලබන සිසුන් වෙනුවෙන් ‘‘මගේ අනාගතය‘‘ නමින් මිලියන 1.1 ක ණයක් ලබාදේ.

රුවන්පුර අධිවේගය 2019 දී ආරම්භ කරයි.

ප්‍රධාන දුම්රිය මාර්ග 4ක ධවනය කෙරෙන දුම්රියන් හි මැදිරි පෞද්ගලික අංශය වෙත කුලියට ලබා දීමේ ක්‍රමයක්.

ජූලි 1 දා සිට සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක්.

මිනි ටැක්සි ත්‍රීවීලර් රියදුරන්ට රජයෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක්.

අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක්

වෙරළ සහ හරිත උද්‍යාන පිහිටුවීම සඳහා හරිත සමාජය පිහිටුවීමට යෝජනා කරනවා.

හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩිකෙරේ.

දුම්වැටියක් සඳහා රුපියල් 05ක බද්දක් අය කෙරේ.

කැසිනෝ සඳහා ඇතුල්වීමේ ගාස්තු අමෙරිකා ඩොලර් 50ක ගාස්තුවක්.


News Articles
Latest Videos
Most Popular Post