News Line| Off Air
Generic placeholder image

Mar
4

ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන මහාශිවරාත්‍රී දිනය අදයි

3168 Views


ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන මහාශිවරාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහාශිවරාත්‍රී දිනය අදයි

හින්දු දහම අනුව ලොව බලවත්ම දෙවියා තමන් බව ශිව දෙවියන් විසින් ලොවට විදහා දැක්වු දිනය අද බවට සැළකෙනවා

ලොව බලවත්ම දෙවියා කවුරුන්ද යන්න පිළිබදව මත ගැටුමක් හට ගෙන තිබුනේ විශ්ණු දෙවියන් මහාබ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතරයි

එහිදී ශිව දෙවියන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්බයක් විහිදුවමින් එහි දෙකෙලවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වනු ඇති බව පැවසු බවයි හින්දු පුරාණයේ සදහන් වන්නේ

සුකර වෙස් ගනිමින් මිහිගැබ හාරගෙන ගිය විශ්නු දෙවියන්ටත් හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කල මහා බ්‍රහ්මයාටත් දෙකෙලවර සොයා ගැනීමට නොහැකි වුණා

ඒ අනුව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයට අනුව ලොව බලවත්ම දෙවියා වන්නේ ශිව දෙවියන්

ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කල නැකත උදා වන දිනය මහාශිවරාත්‍රී දිනය ලෙස ලෙස හින්දු බැතිමතුන් සළකනු ලබනවා

ඔවුන් මහාශිවරාත්‍රී දිනය සමරනු ලබන්නේ අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන් වෙනුවෙන් පුජා සිදු කරමින්


News Articles
Latest Videos
Most Popular Post