2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරනවා. එමෙන්ම යම් පුද්ගලයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව මේ අනුව සැලසෙනවා.