News Line| Off Air
Generic placeholder image

Sep
8

ජනපති සටනට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නව මුහුණුවරකින්

958 Views


ජනපති සටනට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නව මුහුණුවරකින්

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක නව ලකුණකින් සහ තරග වදින පක්ෂයේ නමත් නව මුහුණු වරකින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ජන්ද ලකුණ සහ තරග වදින පක්ෂයේ නම ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාවට ඉදිරිපත් කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ඉදිරි ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අද  සිට ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post