පැය එක හමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.රාජ්‍ය ආයතන වල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහායි.
හිටපු කෘෂි කර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතායි මේ සම්බන්ධයෙන් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී මන්ත්‍රීවරයා සදහන් කලේ අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් සම්පාදනය කල බවයි.
2015 ජනවාරි14 වනදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවු දුෂණ වංචා සෙවීම සදහා ජනාධිපතිතුමා විසින් මෙම කොමිසම පත් කළා.