News Line| Off Air
Generic placeholder image

Sep
19

සිංහල සිනමාවේ නවමු අත්දැකීම ” RUSH ” ඔක්තෝබරයේ සිට ඔබට

1272 Views


සිංහල සිනමාවේ නවමු අත්දැකීම  ” RUSH ” ඔක්තෝබරයේ සිට ඔබට

මහේෂ් මුණසිංහගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයක් ලෙස ” RUSH ” චිත්‍රපටය ඔක්තෝම්බර් මාසයේ 03 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ වසන්ත විජේන්ද්‍රයන්ය. ” RUSH ” චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාව රග දක්වන්නේ උද්දික ප්‍රේමරත්නයි.
එමෙන්ම සාරංග දිසාසේකර, සනත් ගුණතිලක , ලකී ඩයස් හර්ෂණ තෙන්නකෝන්, ජනිත් වික්‍රමගේ සහ හදුන්වා දෙන නවක නිළි අසන්කි ද සිල්වා මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

මෙහි සංගීත අධ්‍යක්ෂණය නවක සංගීත අධ්‍යක්ෂකයෙක් වන එරංග ජයවර්ධන විසින් සංගීතවත් කර තිබෙනවා. මෙහි මාධ්‍ය දර්ශනය ඊයේ දිනයේදී පැවැත්වූ අතර එහි ගීතයක්ද සමාජ මාධ්‍යය වෙත මුදාහැරීයා. එම ඈත පාවෙලා ගීතය පහතින්..

” RUSH ” චිත්‍රපටය ඔක්තෝම්බර් මාසයේ 03 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකියි..

 


News Articles
Latest Videos
Most Popular Post