අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ හිටපු ටියුනීසියා ජනපති සිනේ එල් අබිදීන් බෙන් අලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ටියුනීසියාවෙන් පළාගිය ඔහු මේ දක්වා සෞදි අරාබියේ ජීවත් වී ඇති අතර මියයන විට ඔහු 83 වැනි වියේ පසුවුණා.
ටියුනීසියානු හමුදා නිලධාරියකු වූ බෙන් අලී 1987 දී එරට අගමැති ධුරයට පත්ව ඇති අතර එම වසරේදිම සාමකාමී කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගත් ඔහු 2011 ජනවාරිය තෙක් ධුරය දැරුවා.
2010 දෙසැම්බරයේදී බෙන් අලීගේ පාලනයට එරෙහි උද්ඝෝෂණ ඇරඹි අතර එය බලාපොරොත්තු වූවාට වඩා වර්ධනය වී තිබෙනවා.
2011 ජනවාරි 14 වනදා ඔහු සෞදි අරාබියට පළා ගොස් ඇති බව සදහන්.
ටියුනීසියානු උද්ඝෝෂණ අරාබිය පුරා 2011 දී පැතිර ගිය අරාබි වසන්තයේ ආරම්භය සනිටුහන් කළ අතර උද්ඝෝෂණ දිරිමත් වීමට බෙන් අලි බලයෙන් පහවීම හේතු වුණා.