News Line| Off Air
Generic placeholder image

Sep
20

ඇමරිකානු චෝදනා ඉරානය යළි ප‍්‍රතික්ෂේප කරයි

591 Views


ඇමරිකානු චෝදනා ඉරානය යළි ප‍්‍රතික්ෂේප කරයි

සෞදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාර පිළිබදව එල්ල වන චෝදනා ඉරාන ජනාධිපති හසන් රවුහානි යළි ප‍්‍රතික්ශේප කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා සදහන් කලේ ඇමරිකානු ජනාධිපිවරයා එල්ල කරන චෝදනා සිය රටට කල අපහාසයක් ලෙසයි. පසුගිය 14 වනදා මෙලෙස ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල වුනේ සවුදියේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානයටයි.

මෙම ප‍්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇති බව ඇමරිකාව චෝදනා කලා. ඒ අනුව ඉරානයට එරෙහිව ඉදිරි පැය 48 තුළදී සම්බාධක පනවන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය 18 වනදා සදහන් කලේ. ප‍්‍රහාරය පිළිබදව සාකච්ඡ කිරිම සදහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සවුදියට පැමිනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post