අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියලූ තැපැල් දුම්රිය, අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ සඳහන් කළේ අද පස්වරුවේ කාර්යාලීය දුම්රිය 6 ක් පමණක් ධාවනය කිරීමට සූදානම් කර ඇති බවයි.
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය ආණ්ඩුව, විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කළා.