නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ කමිටු නිර්දේශ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේ දී මෙලෙස සිය වැටුප් විෂමතා මුල් කරගෙන ගුරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීම අසාධාරණ බවයි.වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සේවකයන් හට අයිතියක් තිබුනද වෘත්තීය සමිතිවල අවස්ථාවාදී ක්‍රියාවලට රැවටීම ගුරු විදුහල්පති වැනි බුද්ධිමත් පිරිසට සුදුසු නොවන බවයි.
වැඩිදුරටත් සදහන් කරන්නේ විදුහල්පති දීමනාව රු.650/- සිට 6,500/- දක්වා වැඩි කර 2015 සිට ප්‍රමාද වී තිබූ උසස්වීම් කටයුතු මේ දක්වා විධිමත් කර ඇති බවත් විශේෂයෙන් විදුහල්පති සේවය දේශපාලනයෙන් මුදා ගෙන අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් රටේ අනාගත දරු පරපුරට ඉගෙනීමට තිබූ දින දෙකක නිල කාලය ලෙඩ නිවාඩු දැමිම කණගාටුවෙන් යුක්තව හෙළා දකින බවත් එම නිවේදනයේ සදහන්.
මැතිවරණ සමයක් තුල විවිධ දේශපාලන ඕනෑ එපාකම් මත ක්‍රියාකරන වෘත්තිය සමිති නායකයන්ට මෙලෙස සහය නොදී අනාගත පරපුර මග පෙන්වීම ලබා දීමෙන් සිය වෘත්තියේ ගෞරවය රැකගන්නා ලෙස එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.