News Line| Off Air
Generic placeholder image

Sep
26

හෙට සිට නැවතත් ගිගුරුම් සහිත වැසි

1373 Views


හෙට සිට නැවතත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට හෙට සිට යලිත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 16,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සලකා ග්‍රාම නිලධාරීවරුන් කටයුතු කළ යුතු බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

වර්ෂාවත් සමග රෝග පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post