ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සම්බන්දයෙන් අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව දින හතරක් පුරා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති අතර අදින් එය අවසන් වීමට නියමිතයි.
ඇමරිකා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙවර සමුළුව දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය සහ පාරිසරික සංවර්ධනය සදහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම තේමාව කර ගනිමින් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ක්ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.
විශේෂයෙන් සමුළුව නිමාවට පත්වන අද දිනයේ කුඩා රාජ්‍යන්ගේ සංවර්ධනය මෙන්ම අනෙකුත් රාජ්‍යන්ගේ සංවර්ධනය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රටවල් 51 ක සහභාගිත්වයෙන් 1945 වර්ෂයේදී ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වන විට රටවල් 193 ක සාමාජිකත්වයක් සහිතව ලොව ඇති විශාලතම අන්තර් ජාතික සංවිධානය බවට පත්ව තිබෙනවා.