ගැබ්බර ඇතින්නියන් 3 දෙනෙකු ඇතුළු ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවූ හබරණ – හිරිවඩුන්න වැව ආසන්න ප්‍රදේශයේ තිබී තවත් මිය ගිය ඇතින්නියකගේ සිරුරක් හමුවී තිබෙනවා.
එම ඇතින්නිය අසළ පැටවෙකු ද සැරි සරන බව සදහන්.
ගම්වාසීන් විසින් අද උදෑසන මෙම ඇතින්නියගේ මළ සිරුර සොයා ගනු ලැබුවා.
ස්වභාවික නොවන හේතුවක් මත ඔවුන් මියගොස් ඇති බව ඇතින්නියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඊයේ සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණා.