කලූ / නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කලූ ගගේ ජල මට්ටම මිලලකන්ද ප‍්‍රදේශයෙන් ඉහළගොස් ඇති අතර ගග දෙපස පහත්බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් සුලූ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නිල්වලා ගගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර ගග දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.
ප‍්‍රදේශ රැුසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර / සබරගමුව / දකුණ / මධ්‍යම / ඌව සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්වලත් වැසි ඇති විය හැකි බවයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටිනවා
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තාවකාලික තද සුළං ඇතිවිය හැකියි.