News Line| Off Air
Generic placeholder image

Sep
29

දුම්රිය වර්ජනය තවදුරටත්

509 Views


දුම්රිය වර්ජනය තවදුරටත්

ශ්‍රේණි සහ වැටුප් විෂමතා මුල් කරගිනිමින් දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක‍්‍රියාත්මකයි. සිය ඉල්ලීම් වලට නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ.
දුම්රිය වෘත්තය සමිති පසුගිය 25 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනය ආරම්භ කළා.

දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිළධාරීන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. ඔවුන් ඉල්ලා සිටින්නේ සිය ගැටලූව සදහා විසදුම් ලබාදෙමින් 2018 වසරේ සම්මත කළ කැබිනට් පත‍්‍රිකාව වහා බලාත්මක කරන ලෙසයිි.
මේ අතර වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරු ලබන මස 7 වනදා සිට 12 වනදා දක්වා දින පහක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සදහන් කළේ රජය මෙතෙක් කිසිදු සාකච්ඡුාවක් හෝ ලබා දී නොමැති බවයි. ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය 26 හා 27 යන දින වල පාසල් වල අධ්‍යන කටයුතු අඩාල වුණා.

වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යා අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව 19 වන දිනටත් ක‍්‍රියාත්මකයි.කෙසේවෙතත් වැඩ වර්ජන පවතින අමාත්‍යංශවල අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා.
එම කැබිනට් අනුකමිටුව විසින් වෘත්තීය සමිති සමග සාකච්ඡුා කර ගත යුතු පියවර පිලිබද කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post