පවතින ආපදා තත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයදී පිහිනීමට නොදන්නා අයට දියේ ගිලෙන් නැතුව ජීවිතය බේරගන්නා ආකාරය පිළිබද විශේෂ පුහුණු වැඩ සටහනක් පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සුදානම් වෙනවා.
එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දු වික්‍රමසිංහ පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට හා විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ සම්බන්දයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන බවයි.