සෞදි – යේමන් දේශසීමාව ආසන්නයේ සිදුකළ ප‍්‍රහාරයකින් පසු සෞදි හමුදාවේ භටයින් විශාල පිරිසක්් තම භාරයට ගත් බව හූර්ති කරුලිකරුවන් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සෞදි බලඇණි 03 ක් නජ්රාන් නගරය ආසන්නයේදී හූර්ති කැරළිකරුවන්ට යටත්වී ඇති බවයි. නමුත් මේ පිළිබඳව සෞදි රජය මෙතෙක් තහවුරු කර නැහැ.
හූර්තිි කැරළිකරුවන් පවසා ඇත්තේ සෞදි හමුදාවන්ට ජීවිත හා යුධ උපකරණ විශාල ප‍්‍රමාණයක් ප‍්‍රහාරයෙන් පසු අහිමිවී ඇති බවයි.පසුගිය 14 වනදා සවුදි තෙල් මධ්‍යස්ථානවලට ඩ්‍රෝන් හා මිසයිල ප‍්‍රහාරයක් එල්ල වුනා.
තමන් එල්ල කළ ප‍්‍රහාරයෙන් ලෝක තෙල් වෙළඳපොළට බලපෑම් එල්ලවී ඇති බවයි හුර්ති කරළිකරුවන් කියා සිටියේ. ගැටුම් හේතුවෙන් 2016 වසරේ සිට මේ දක්වා 70 000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව අනාවරණයවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.