නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
නිල්වලා ගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා. අදාළ ගංගා දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි
ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වල සියලූ පාසල් අද යළි විවෘත වනවා. පසුගිය සතියේ එම දිස්ත‍්‍රික්වල පාසල් වසා දැමුනේ ජලගැලීම් හේතුවෙන්.
පාසල් සිසුන් සෞඛ්‍ය ගැටලූ වලට ගොදුරුවීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබුණා. විපතට පත්වුවන් වෙනුවෙන් පාසල් වල ස්ථාපිත කර තිබු ආරක්ෂිත රැුදවුම් මධ්‍යස්ථාන ද ඉවත් කර ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ.
සති අන්තයේදී එම දිස්ත‍්‍රික්වල පාසල් පවිත‍්‍ර කිරීමේ වැටසටහන්ද ක‍්‍රියාත්මක කෙරුණා. ගාල්ල / මාතර /ගම්පහ සහ කලූතර දිස්ත‍්‍රික්වලට බලපෑ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් වු පුද්ගලයින් සංඛ්‍යාව 1 ලක්ෂ 30 දහසකට අධිකයි.
අවතැන් පුද්ගලයින් 45 00කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වල රදවා තිබුණා. පුර්ණ නිවාස හානි 60 ක් වාර්තා වන අතර අර්ධ නිවාස හානි ගණන 2 572 ක්. මේ අතර දකුණ / සබරගමුව බස්නාහිර මධ්‍යම / ඌව / උතුරු මැද සහ වයඹ පලාත් වල ප‍්‍රභල අකුණු සහිත තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ වැසි සමග පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි.
වයඹ මධයම පළාත් වලත් හම්බන්තොට හා අනුරාධපුර දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 100 ක තද වැසි ඇති විය හැකියි