News Line| Off Air
Generic placeholder image

Sep
30

ගිනියා උප ජනපතිගේ මෝටර් රථ වෙන්දේසියකට

587 Views


ගිනියා උප ජනපතිගේ මෝටර් රථ වෙන්දේසියකට

ගිනියා රාජ්‍යයේ ජනාධිපති පුත‍්‍රයාට අයත්ව තිබූ අති සුඛෝපභෝගී ස්පෝට් මාදිලියේ මෝටර රථ පෙළක් ස්විට්සර්ලන්තයේදී වෙන්දේසි කර තිබෙනවා.
මෙම මෝටර් රථ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ඔහු සම්බන්ධයෙන් සිදු කරන දූෂණ චෝදනා පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙසයි.
ඒ අනුව ගිනියා ජනපති පුත‍්‍රයාට අයත් මෝටර් රථ 25ක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා. ඒවායේ සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 17කට වඩා අධිකයි.

මෝටර් රථ වෙන්දේසියෙන් ලැබු මුදල ගිනියා රාජ්‍යයේ පුණ්‍යායතනයක් වෙත ලබාදීමට ස්විස්ටර්ලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ගිනියා ජනාධිපති තියොඩෝරෝ ඔබියෑන්ග්ගේ රජයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කලේ ඔහුගේ පුත‍්‍රයායි.


News Articles
Latest Videos
Most Popular Post