News Line| Off Air
Generic placeholder image

Sep
30

ගුරු විදුහල්පතිවරුන් හා දුම්රිය සංගම් සාකච්ඡාවකට කැදවයි

583 Views


ගුරු විදුහල්පතිවරුන් හා දුම්රිය සංගම් සාකච්ඡාවකට කැදවයි

රාජ්‍ය සේවයේ වැටුප් ගැටලූව විසදීම සදහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද සාකච්ඡුාවක් කැදවා තිබෙනවා.
ලංකා ගුරු සේවා සංගමයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ පස්වරු 1 යි 30 ගුරු විදුහල්පති වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැදවා ඇති බවයිි.
වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් ලබන මස 7 වනදා සිට 12 වනදා දක්වා දින පහක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය 26 හා 27 යන දින වල පාසල් වල අධ්‍යන කටයුතු අඩාල වුණා.
අද සවස 3.00ට දුම්රිය වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැදවා තිබෙනවා.
වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 25 වනදා ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය 05 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි.
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් 20 වන දිනටත් අද වැඩ වර්ජනයේ නිරත වනවා. ඒ වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
කෙසේවෙතත් තම සංගමයට සාකච්චාවක් සදහා කැබිනට් අනුකමිටුව මෙතෙක් කැදවීමක් කර නොමැති බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සදහන් කලේ.
අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ වැඩ වර්ජනය ලබන 02 වනදා දක්වා කල් දමා තිබෙනවා
වර්ජන පිළිබඳ සොයා බැලීමට පත්කළ අනුකමිටුව අද සාකච්ඡුාවක් ලබා දීම හා තැපැල් ඡුන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අදට යෙදී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post