News Line| Off Air
Generic placeholder image

Sep
30

තැපැල් ජන්ද අයදුම් කිරීමේ කාලය අදින් අවසන්

642 Views


තැපැල් ජන්ද අයදුම් කිරීමේ කාලය අදින් අවසන්

ජනාධිපතිවරණය සදහා තැපැල් ඡුන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. තැපැල් ඡුන්ද අයදුම් කිරිම සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් අද දින තුළ දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතු බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
තැපැල් ඡුන්ද විමසීම ලබන ඔක්තෝම්බර් 30 සහ 31 වනදා සිදු කිරීමට නියමිතයි.

මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡවක් ලබන 03 වනදා කැදවා තිබෙනවා. 07 වනදා පැවැත්වීමට නියමිත නාම යෝජනා භාර ගැනීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කරනු ඇතී.
මෙම සාකච්ඡුාව සඳහා දැනට ඇප මුදල් තැන්පත් කර ඇති දේශපාලන පක්ෂවල නියෝජිතයින්, ජනාධිපතිවරණයට තරග කරන බවට මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති පක්ෂ නියෝජිතයින් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැඳවා තිබෙනවා.
පොලිස් ප‍්‍රධානීන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡුාවක්ද ලබන 03 වනදා ද පැවැත්වීමට නියමිතයි. නාම යෝජනා භාර ගැනීමේ දිනයේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡුා කරනු ඇතී.
ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීම ලබන මස 07 වනදා පෙරවරු 09 සිට පෙරවරු 11 00 දක්වා සිදු කිරීමට නියමිතයි.ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව පසුගිය 19 වනදා ආරම්භ වු අතර එම කටයුතු ලබන 06 වනදා දහවල් 12 00 ට අවසන් වනු ඇති. මේ වන විට අපෙක්ෂකයින් 08 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post