රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමඟ අද (30) පැවැති සාකච්ඡා අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.
ඒ අනුව ඉදිරියටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් කියා සිටිනවා.
වැටුප් ගැටලුවක් මත ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව අද පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා.
වැටුප් විෂමතා මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු ක්ෂේත්‍ර හයක දුම්රිය සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 25 වනදායි.
මේ හේතුවෙන් දුම්රිය සේවා තවමත් අඩාළව පවතින අතර අදත් පිට පළාත්වල සිට කොළඹ කොටුවට ධාවනය කෙරුණේ උදෑසන කාර්යාලීය දුම්රිය කිහිපයක් පමණයි.