News Line| Off Air
Generic placeholder image

Sep
30

නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

474 Views


නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැුස්වීමක් අද පැවැත්වෙනවා. අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ / ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් පසුගිය 28 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා. එහිදී අවධානයට යොමුව ඇත්තේ ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩගැගෙන සන්ධානය පිලිබදවයි.කෙසේවෙතත් අවසන් එකගාවතින් තොරව එය අවසන් වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමක් පැවැත්වුණේ පසුගිය 27 වනදා රාත‍්‍රියේදීයි. එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post