News Line| Off Air
Generic placeholder image

Sep
30

ලොවම බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට රාජ්‍ය ආරක්ෂාවක්

767 Views


ලොවම බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට රාජ්‍ය ආරක්ෂාවක්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පලමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ නිසා විනිසුරුවන් විසින් තරගය නවතා දැමීමට තීරණය කෙරුණා.

කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බවට එරට කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම අද තරගය දිහා මුළු ලොවේම ක්‍රීඩා ලෝලීන් බලා සිටින අතර ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස කරච්චි නුවරදී තරගයකට එක් වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සදහා එරට ආරක්ෂක අංශ විශේෂ වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා.ඒ අනුව රාජ්‍ය නායකයෙකුට එරටදී ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂවයක් ලබා දී තිබෙනවා. විදෙස් වාර්තා සදහන්  කරන්නේ පාකිස්තාන හමුදා සෙබළුන් 8,000 ක් පමණ මේ තරගය සදහා ආරකෂාවට යොදවා තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post