සංචාරක ශ්‍රී ලංකා – පකිස්ථාන තරග ආරම්භයට සියලු කටයුතු මේ වන විට සුදානම් බව වාර්තා වෙනවා. පකිස්ථානයට අවුරුදු 10 කට පසු ක්‍රිකට් වසන්තය අද උදා වී තිබෙනවා. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් මහත් උද්යෝගයෙන් මෙම තරගය බැලීමට ක්‍රීඩාගාරය වෙත පැමිණෙන බව වාර්තා වෙන අතර එමෙන්ම තරගය සජීවීව නැරඹිමට ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටිනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 තරග ආරම්භය සිදු වීමට නියමිත අතර මෙම තරගය සදහා එරට රජය රාජ්‍ය ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.