පොහොට්ටුව සළතුණ යටතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාගතවීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සමුලූවට ඊයේ පස්වරුවේ එක්වෙමින්.
” 1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය” ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.
කෘතිය සම්පාදනය කර ඇත්තේ පළමු නිදහස් විමුක්ති සටනෙහි වැදගත්කම සහ එම නිදහස් සටනට අස්ගිරි මහා විහාර පාර්ශ්වීය ස්වාමීන් වහන්සේලා විසින් ලබාදුන් දායකත්වය ඇසුරින්.
ග‍්‍රන්ථයේ සංස්කාරකවරුන් ලෙස ශාස්ත‍්‍රපති පූජ්‍ය ඇටිපොළ මහින්ද හිමි, දර්ශනපති පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමි, රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇහැලේපොළ මහින්ද හිමි සහ ආචාර්ය අජිත් තල්වත්ත මහතා කටයුතු කර තබෙනවා.