දෙමල ජාතික සන්ධානය මෙවර ජනපතිවරණයේදී සහය ලබා දෙන පක්ෂය පිළිබද බොහෝ දෙන අවධානයෙන් පසුවෙනවා.
ගෙවීගිය කාලය තුල සිය සන්ධනයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරන බවට යම් මතයන් පල කර තිබුනද සන්ධානයක් වශයෙන් මෙවර ජනපතිවරණයේදී පුර්ණ සහය දෙන පක්ෂය හෝ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළබ නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙම්න්ය.