News Line| Off Air
Generic placeholder image

Oct
1

දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව අරමුදලක්

524 Views


දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව අරමුදලක්

විවිධ හේතු නිසා අසරණව සිටින දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල ස්ථාපනය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කළා.

විවිධ පරිත්‍යාගශීලි පුද්ගලයින්ට සහ සංවිධාන වෙත තම පරිත්‍යාගයන් වගකීමෙන් හා නෛතිකව පිළිගත හැකි අයුරින් ලබාදිය හැකි ව්‍යුහයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටු කරමින් මෙම අරමුදල පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

දැඩි දරිද්‍රතාවයෙන් යුත් පවුල්වල දරුවන්ට ආධාර කිරීම, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අභිවෘද්ධිය, නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් එකවර බිහිකිරීම හේතුවෙන් ඔවුන් රැකබලාගැනිමට ඇති ආර්ථික දුෂ්කරතාවන්ට උපකාරී වීම, සහ ශාරීරික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ආධාර ලබාදීම මෙම අරමුදල මගින් සිදු කෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post