පිළිකා කාරක අඩංගු වියලි මිරිස් මේට්‍රික් ටොන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් රේගු කොන්දේසි උල්ලංගනය කරමින් වෙළඳපලට මුදා හැරීම සම්බන්ධයෙන් අදාළ අනායනකරුවන්ට එරෙහිව නඩු පවරන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ආනයනකරුවන් 16 දෙනෙකු වියලි මිරිස් තොග දිවයිනට ගෙන්වා ඇති බවයි. පිළිකා කාරක අඩංගු වියලි මිරිස් තොගය ඉන්දියාවේ සිට ආනයනය කර තිබෙනවා.
මෙරටට අනායනය කරන ආහාර ද්‍රව්‍ය පිඝිබඳව ආහාර පරීක්ෂක විසින් සාම්පල් පරීක්ෂාවක් සිදුකර එහි නිර්දේශ ලබා ගන්නා තෙක් පෙූද්ගලික ගබඩා වල රඳවා ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ දැඩි කොන්දේසි මතයි.
අහාර පරීක්ෂකවරයාගේ නිර්දේශය ලැබෙන තෙක් එම අහාර ද්‍රව්‍ය වෙලඳපලට මුදා හැරීම තහනම්.
වියලි මිරිස් සම්බන්ධයෙන් ආහාර පරීක්ෂකගේ නිර්දේශ රේගු දෙපාර්මේන්තුව වෙත ලැබී ඇති අතර ඊට අදාළ පියවර ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි පරිසර වෘත්තීය හා සෞඛ්‍ය ආරක්ෂකතා කාර්යාංශයේ ආහාර ස්වස්ථතාව භාර විශේෂඳ වෛද්‍ය සපුමල් ධනපාල මහතා සඳහන් කළේ.
ආහාර පරික්ෂවරයා සිදුකළ සාම්පළ පරීක්ෂාවේදී වියලි මිරිස් තොගයේ කිලෝ ග‍්‍රෑමයක අඩංගුවිය හැකි ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය මිලි ග‍්‍රෑම් 30 ඉක්මවා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඇෆ්ලටොක්සින් පිලිකා /අක්මාවේ සහ වකුගඩු රෝග රැුසකට හේතුවන දිලීරයක් වන අතර මෙරට 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව ඇෆ්ලටොක්සින් මට්ටම කිලෝ ග‍්‍රෑමයකට මිලි ග‍්‍රෑම් 30 ඉක්මවන ආාර පරිභෝජනයට නුසුදුසු බව සඳහන්.
මෙට්ටි‍්‍රක් ටොන් 200 න් පමණ වන වියලි මිරිස් තොග ගබඩා වල නොමැති බව රේගු දෙපාර්තමේන්තුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණයවී තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක ඒකකයේ නියෝගයක් ලද වහාම වෙළඳපල තුළ විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.