News Line| Off Air
Generic placeholder image

Oct
2

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

546 Views


අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම අවස්ථාවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරනවා.

ගිගුරුම් සහිත වැසි පවතින විට අකුණු අනතුරු ද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post