News Line| Off Air
Generic placeholder image

Oct
2

හිටපු ජනපතිගේ පුත් යෝෂිත උසස්වීමක් සමග යළි සේවයට

645 Views


හිටපු ජනපතිගේ පුත් යෝෂිත උසස්වීමක් සමග යළි සේවයට

පසුගිය සතියේදී ඔහුව යලි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදීමත් සමග වැඩතහනමකට ලක්ව සිටි නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඊයේ (01) සිට යලි නාවික හමුදාවේ සේවයට එක්ව තිබෙනවා.

ඊයේ දිනයේදී සේවයට එක්වූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර අති අතර එලෙස උසස්වීම ලබා දී ඇත්තේ නාවික හමුදාවේ රේගුලාසි හා නිතිය අනුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලද අනුමැතිය අනුවයි.

මේ වන විට ලුතිනන් යෝෂිත රාජපක්ෂ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ සේවය සඳහා අනියුක්ත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post