News Line| Off Air
Generic placeholder image

Oct
3

පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

457 Views


පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

පවතින වැසි සහිත කාලගුණයක් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් අද සිට ලබන 05 වනදා දක්වා ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කර තිබෙනවා
කොළඹ / ගම්පහ / ගාල්ල / රත්නපුර හා මහනුවර යන දිස්ත‍්‍රික්ක වල ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛඉ අරුණ ජයසේකර මහතා සඳහන් කළේ

වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා. වාර්තාවී ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 50 437 ක්.
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පලාතෙන්. එම පලාතෙන් හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගින් ගණන 23 749 ක්. සැප්තැම්බර් මාසය තුළ ඩෙංගු රෝගීන් 5 766 දෙනෙකු වාර්තාවී තිබුණා. තම අවට පරිසරයේ ඇති මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post