News Line| Off Air
Generic placeholder image

Oct
3

පෝස්ටර් කටවුට් ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

603 Views


පෝස්ටර් කටවුට් ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ පෝස්ටර් හා කටවුට් ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ වල ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.
එම දැනුම්දීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡුාවකදීයි.

ජනාධිපතිවරණය සදහා මේ වන විට අපේක්ෂකයින් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
තැපැල් ඡුන්ද සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් ලබන 04 වනදා මධ්‍යම රාත‍්‍රී 12 00 ට පෙර දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතුයි.
ජනාධිපතිවරණය වෙනුවෙන්, ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
තැපැල් ඡුන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති. ජනාධිපතිවරණය ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post