නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ ඉදිරි ජනපතිවරණය සදහා නාම යෝජනා භාර ගනු ලබන, ලබන සඳුදා දින කොළඹ අධ්‍යාපන කලාපයේ කොට්ඨාස 03ක හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් ත්‍රිත්වයක් වසා තැබෙන බවයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එදින ආරක්ෂක හේතුන් මත මෙම පාසල් වසා තබන ලෙස ඉල්ලීමක් කර ඇති බැවින් ඒ පිලිබදව සලකා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලුම පාසල් ද හා ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් ත්‍රිත්වයක් මෙලෙස වසා තැබේ.