මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළා.
ඡන්දය ප්‍රකාශ කිරිමේදී සාම්ප්‍රදායිකව කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යොදුව හොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු පැවසුවා.
ඒ අනුව ඉලක්කම් යොදන්නේ නැත්නම් කතිරය පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බව ඔහු සදහන් කළා.
එසේම අපේක්ෂකයන් වෙනුවෙන් තම කැමැත්ත අනුව අංක 01, අංක 02, අංක 03 ලෙස අංක යෙදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළ අතර එය වලංගු ඡන්දයක් බවට ගණනය කරන බවත් ඔහු ප්‍රකාශ කළා.