News Line| Off Air
Generic placeholder image

Oct
4

ජනාධිපතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට

1447 Views


ජනාධිපතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළා.
ඒ විජිත් මළල්ගොඩ ,ප‍්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද යළි කැදවූ අවස්ථාවේ දීයි.
ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලූතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවාගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
එම අවස්ථාවේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි.
අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක‍්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මලල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කළා.
මෙම පෙත්සම ඊයේ සවස ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද දින අධිකරණය හමුවේ කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටලූ සහගත බව සඳහන් කළ විජිත් මළල්ගොඩ විනිසුරුවරයා සදහන් කලේ මෙවැනි ක‍්‍රියාවන් අනුමත කළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළා.


News Articles
Latest Videos
Most Popular Post