පකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් ඉන්දියාවට ඇතුල් වී ඇති බවට එරට බුද්ධි අංශයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත ඉන්දියාවම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ත්‍රස්ත වාදීන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සිටින බවයි එරට ආරක්ෂක අංශ අනාවරණය කරන්නේ. ඒ අනුව එරට ගුවන් තොටුපොළවල් සහ ජනතාව ගැවසෙන ස්ථානයන් පිලිබදව අවධානයෙන් පසු වන බවයි ආරක්ෂක අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.