ජනාධිපතිවරණයට සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයක් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ජනාධිපතිවරණය අපේක්ෂකයින් 21 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනසෙත පෙරමුණ වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කලේ පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින්.
ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කල අපේක්ෂකයින්ගේ නියෝජිතයින් ලබන 06 වනදා මැතිවරණ කොමිසමට කැදවා තිබෙනවා. නාම යෝජනා දින පැමිණිය හැකි නියෝජිතයන් සංඛ්‍යාව හා දැන්වීම් ප‍්‍රචාරය පිළිබදව මෙහිදී දැනුවත් කරනු ඇතී.
මෙම සාකච්ඡුාවට එක් වන ලෙස පොලීසියේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට ද දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව 06 වනදා මධහ්න 12 ට අවසන් වීමට නියමිතයි.
නාම යෝජනා බාර ගන්නා ලබන 07 වනදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලූ පාසල් හා ශ‍්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.තැපැල් ඡුන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති. ජනාධිපතිවරණය ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.