News Line| Off Air
Generic placeholder image

Oct
4

ලොකු ලුණු මිල පහලට

1306 Views


ලොකු ලුණු මිල පහලට

ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල අද සිට රුපියල් 220 ක් පමණ දක්වා අඩු වනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු මහතා සදහන් කලේ ලොකු ලූනු කිලෝවක බද්ද අඩු කිරීම හේතුවෙන් මෙලෙස මිල අඩු වනු ඇති බවයි.

ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා වන බද්ද රුපියල් 39 කින් පහළ දමනු ලැබුවේ පසුගිය 02 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිටයි.
ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 250 සිට රුපියල් 300 දක්ව ඉහළ ගියේ ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා වන බද්ද රුපියල් 40 කින් ඉහළ දැමීමත් සමගයි.
ඉන්දියාවේ පවතින දේශගුණික බලපෑම මත ලොකු ලූනු අපනයනය නැවැත්වීම ද ඊට තවත් හේතුවක්.


News Articles
Latest Videos
Most Popular Post