News Line| Off Air
Generic placeholder image

Oct
4

සියත වොයිස් ඔෆ් ඒෂියා 20 -20 මුලික වටය ඇරඹෙයි

551 Views


සියත වොයිස් ඔෆ් ඒෂියා 20 -20 මුලික වටය ඇරඹෙයි

ශ‍්‍රී ලාංකිීය ගායන වැඩසටහන් ඉතිහාසයේ ප‍්‍රථම හා එකම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් රියලිටි වැඩසටහන වන සියත වොයිස් ඔෆ් ඒෂියා 20 / 20 මුලික හඩ පරීක්ෂණ අද ආරම්භ වුණා.
ඒ මාතලේ ග‍්‍රෑන්ඞ් මවුන්ට් හෝටල් පරිශ‍්‍රයේ දීයි.
කුරුණෑගල මහනුවර මාතලේ නුවරඑළිය හා කෑගල්ල නියෝජනය කරමින් අයදුම්පත් යොමු කල තරගකරුවන්ට මේ සදහා කැදවීම් සිදු කර තිබෙනවා.
මුලික වටයේ හඩ පරීක්ෂණ සදහා අද සිට 07 වනදා දක්වා ලිපියේ සදහන් දිනයට නියමිත වේලාවට මාතලේ ග‍්‍රෑන්ඞ් මවුන්ට් හෝටල් පරිශ‍්‍රයට පැමිණිය යුතුයි.
සියත වොයිස් ඔෆ් ඒෂියා 20 / 20 දක්ෂයන්ගෙන් දක්ෂතමයා සොයා යන ශ‍්‍රී ලංකීය රියලිටි වංශ කථාවේ විප්ලවීය තරගාවලිය යි.


News Articles
Latest Videos
Most Popular Post