News Line| Off Air
Generic placeholder image

Oct
7

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

523 Views


දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණා.

පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලු වෘත්තිකයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා.

වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහිදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළබඳ සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට තමා මැදහත්වී සිදුකරන බව සදහන් කළා.

ඕනෑම ගැටලුවකට සාකච්ඡා මඟින් විසදුම් ලබාගත හැකි අතර කිසිඳු අවස්ථාවක පොදු මහ ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවද ජනපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post