මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ පළමු ප‍්‍රචාරක රැළි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය ඔක්තොම්බර් 09 වන දින අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නියෝජනය කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය ඔක්තොම්බර් 10 ගෝල්ෆේස්හීදි පැවැත්වෙනු ඇත.
එමෙන්ම ජාතික ජන බලවේගයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය ඔක්තොම්බර් 08 වන දින තඹුත්තේගම නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.